රනිල් වික‍්‍රමසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය


(නිමල කොඩිතුවක්කු)

වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය අරලිය ගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.

සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පිරිත් නූල් බැ`ද ආශිිර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.