රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී


(ප්‍රියාණි මංගලිකා)   

රාජ්‍ය නත්තල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේදී  අද (19) පැවැත්වුනි .
 
මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනි පියතුමා ප්‍රමුඛ පූජකවරු ඇතුලු කතෝලික බැතිමත්හුද , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සහ මැති ඇමතිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.                         

රට තුල පවත්නා කොරෝනා වසංගත තත්වය  මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුනි .