රාජ්‍ය බැංකු සේවකයෝ විරෝධයක


(අමල් වික්‍රමරත්න) 

රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවෝ රැසක් අද(6) දහවල් කෑම පැයේදී ගාල්ල බස් නැවතුම්පොළ අසල විරෝධතාවයක නිරත වූහ.

ලංකා, මහජන, ජාතික ඉතිරිකිරීමේ, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා ඇතුළු බැංකු රැසක සේවක සේවිකාවෝ ඊට එක්වූහ.

ලංකා බැංකුව ,මහජන බැංකුව සහ රක්ෂණ සංස්ථාවේ කොටස් සීයට 10ක කොටස් විකිණීමට එරෙහිව සහ රාජ්‍ය මුල්‍ය ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ,ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින්  ලංකා බැංකු සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.