රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දරයක්


ශ්‍රී  බුද්ධ  වර්ෂ  2562   රාජ්‍ය වෙසක්  මහෝත්සවය   නිමිත්තෙන්  මුද්දර  එළිදැක්වීමේ  උත්සවය  බුද්ධශාසන  අමාත්‍යාංශයේ  ශ්‍රවණාගාරයේ  දී  අද(09)  සිදුකෙරිණි .

"චිත්තං  දන්තං  සුඛාවහං" (සිත දමනය  කිරිමෙන්  සැප  ලැබේ)   යන්න  මෙවර  රාජ්‍ය  වෙසක්  දින සැමරැමේ තේමාවයි.   
 
චුල්ල  සුතසෝම  ජාතික  ඊට  කදිම  නිදසුනක්  සපයන්නක් බැවින්   එම ජාතකය  මෙවර  වෙසක්  මුද්දරවල නිරෑපනය  කර  තිබේ. 

එම  මුද්දර  සහිත  මුල්දින  කවරය  තැපැල්  අමාත්‍යාංශයේ ලේකම්   ආර්.එමි. බී.බී. මීගස්මුල්ල  මහතා බුද්ධශාසන අමාත්‍ය  ගාමිණී  ජයවික්‍රම   පෙරේරා  මහතා  වෙත  පිරිනැමීය . මෙම අවස්ථාවට  බුද්ධශාසන අමාත්‍යාංශ යේ  ලේකම්  චන්ද්‍රපේම   ගමගේ   මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර