රාජ්‍ය සේවකයන්ට මහල් 25 ක නිවාස සංකීර්ණයක්


 

(ශාන්ත රත්නායක)

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිලියන 5,500 ක් වියදමින් ඉදිකරන ලද බොරැල්ල වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘති නාගරික සංවර්ධන හා නිවාස අමත්‍ය-අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (05)  වැනිදා විවෘත කිරීමට නියමිතයි

පෙර විකුණුම් පදනම් මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608  කින් සමන්විතය.
 
නිදන කාමර 3 කින් සමන්විත් නිවාස 304 ක් ද නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කි මෙම මහල් නිවාසය තට්ටු 25 කින්  සමන්විතය.

රථ ගාලක් , ළමා උද්‍යානයක් ,ව්‍යයාම මධ්‍යස්ථනයක් 2 ක් ,වෙළද සංකීරණයක් ,පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.