රාවණා කොමළිය චන්ඩ වී


(පාලිත ආරියවංශ)

බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති.

වෙනදා සුන්දර ගලා හැලෙන රාවණාඇල්ල කොමළියද චන්ඩ වී මහා දිය කඳක් කඩා හළෙන අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.

බදුළු ඔය,උමා ඔය ඇතුලු ගංගා හා ඇළ දොල හිටිහැටියේ ජල මට්ටම ඉහළ නැගීමකට ලක්විය හැකි බැවින් ඒවායින් දියනෑම නොකරන ලෙසත් ජල පරිහරණයේදී පරිස්සම් වන ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී .