රැකියා විරහිත උපාධිධාරීහු සත්‍යග්‍රහයක් අරඹති


(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

පොරොන්දු වූ පරිදි රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (21) කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.