රැකියා විරහිත උපාධිධාරීහු හබරණ - පොළොන්නරු පාර වසති


(කරුණාරත්න ගමගේ)

උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධීධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද(25) හබරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණි.
උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා තමන් මෙතෙක් බඳවා නොගත්තැයි කියමින් රැකියා විරහිත උපාධිධාරීහු 130ක් පමණ මෙසේ මාර්ගයේ වාඩිවී සිය විරෝධය පළ කළහ.