රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි


රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ දී තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් කේක් කපා හිටපු ජනපති ඇතුළු මන්ත්‍රීන් හා සිය බිරිඳ හා පවුලේ අය සමග එය සැමරීමට එක්විය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී ඔහු වෙනුවෙන් එය සංවිධානය කර තිබිණි.