රියදුරු පුහුණු හිමිකරු- උපදේශක සේවක එකමුතුවේ උද්ඝෝෂණය


(ආරියරත්න රණබාහු)

රියදුරු පුහුණු පාසල්  හිමිකරුවන්, පුහුණු උපදේශකයන් සහ සේවක එකමුතුවේ මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද(12) දහවල් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.

රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කරන ස්මාර්ට් කාඩ්පත මුද්‍රණය සහ අංක තහඩු මුද්‍රණය ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික සමාගමකට පැවරීම සහ මෝටර් රථ වාහන  පරීක්ෂකවරුන්ගේ සේවය පෞද්ගලික සමාගමකට පැවරීම යන කරුණු වලට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 

ඡායාරූප -චතුර එස් කොඩිකාර