රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු සේවයෙන් සමුගනී


ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (විදුලි හා විද්‍යුත් ඉංජිනේරු) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් පැවැත්විණි. 

රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සම්ප්‍රදායානුකූලව රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා කැටුව යාමෙන් පසු, සහෘද නිලධාරීහු සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීයාට සමුදුන්හ. 

1982 වසරේ දී කැඩෙට් නිලධාරියකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා විවිධ නිලතල දරමින් සිය අභිමානවත් සේවා කාලය තුළ නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් කළ නිලධාරියෙකි