රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි


රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා ජනාධිපති කාර්යාලයේදී අද (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ඉකුත් දා (03) මෙරටට පැමිණි ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා 72 වැනි ජාතික නිදහස් දින උලළේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ද සහභාගි විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමඟ මෙරටට පැමිණ සිටින රුසියානු හමුදාවල ඉහළ පෙළේ නියෝජිත පිරිස ද මෙම හමුවට එක්ව සිටියහ. 

055