රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා රණවිරු ස්මාරකයට උපහාර දක්වයි


දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා  අද(03) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූයේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත ඒ මහතා ඇතුළු හමුදා නිලධාරීහු අද උදෑසන ලංකාවට පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් මහතා හෙට (04) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී වීමට නියමිතය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)