රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ


රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රවීණ  රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලවේදී  පැවැත් වුණී.

මෙවර කලාකරුවකුට ජිවිතයේ එක්වරක් පමණක් පිරිනමන යාවජීව සම්මානය වේදිකා නට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන කේ.බී හේරත්,ප්‍රවීණ කැමරා ශිල්පියකු වන එම්.ඩී මහින්දපාල යන මහත්වරුන්ට ලැබුණි.

ප්‍රශස්තම නළුවා සම්මානය,වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රංඟන දායකත්වය ලබාදුන් රොෂාන් රවීන්ද්‍ර ප්‍රශස්ත නිළිය ලෙසට එම නාට්‍යයේම රංඟන දායකත්වය ලබාදුන් ජයනි සේනානායක යන කලාකරුවෝ  හිමිකර ගත්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ කලාකරුවෝ  සහ රූපවානී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ  රැසක් සහභාගී වුහ.

(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)