රේවත උද්ඝෝෂණයෙන් ගාලු - කොළඹ පාර අවහිර වෙයි


(දීපාල් ද සිල්වා)

පවතින  ගුරු  හිඟයට   විරෝධය පා  බලපිටිය  රේවත  විදුහලේ   ඉගෙනුම  ලබන  සිසු දරුවන්ගේ  දෙමාපියෝ  අද(20) දෙවැනි දිනටත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.

උද්ඝෝෂණය හේතුවෙන් බලපිටිය රේවත මංසන්ධියෙන් ගාලු - කොළඹ මාර්ගය අවහිර වී ඇති අතර වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.