රෝද පුටුවෙන් පේදුරුතුඩුවට ගිය ආබාධිත සෙබළා පිළිගනී


රොමේෂ් මධුෂංඛ

 
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කළ යුද හමුදා ආබාධිත සෙබළාව පිළිගැනීම කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා ඇතුළු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් අද (09) සිදුකරනු ලැබීය.


අවසන් යුද සමයේ 2009 මැයි 7 වැනි දා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී බෝම්බ ප්‍රහාරයකට හසුව ඔහුගේ දෙපා හා අතක ඇගිලි අහිමි විය.


ඔහු පසුගිය 3 වැනි දා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.