රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ


(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි අසාධ්‍ය රෝගීන් රෝහල් කොරිඩෝව තුළ දැඩි අපසුතාවයෙන් සිටිනු එහි ගිය අපට දැක ගත හැකියි. 

ෙරෝහල් සේවකයන්ගේ වර්ජනයට අදට (14) ට සතියක් සම්පූර්ණ වේ.

මෙම වෘත්තීය සමිති විසින් ඉකුත් 7 වැනිදා උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.

වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.

හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.

එසේ වුවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය ‍කරන හෙද හෙදියන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතුවල නිරතව සිටිනු ද දක්නට ලැබිණි.

රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටි අතර රාජ්‍ය ඔසුසල්වලින් ඔවුන් වෙනුවෙන් නොමිලයේ ඖෂධ නිකුත් කෙරේ.

ඒ හේතුවෙන් ඔසුසල් ඉදිරිපිට දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


ඔසුසල ඉදිරිපිට