රෝහලෙන් නිසි ප්‍රතිකාර ඉල්ලා අයෙක් විරෝධතාවයේ


(දයාරත්න ඇඹෝගම)

දිවයිනේ සමස්ත රෝහල්වලින් රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයකු අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටියි.

අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු සමස්ත රෝහල්වල වෛද්‍යවරුන් හිතු හිතු අවස්ථාවන්වලදී සේවය සදහා රෝහල්වලට පැමිණෙන බවත් සවස් වරුවේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දිමට සිටින්නේ එක් වෛද්‍යවරයකු පමණක් බවත් විරෝධතාකරු කීවේය.

එසේම සායන සඳහා යන අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට දීර්ග කාලයක් සිටිමට සිදුව ඇති බවත් ඔහු කියයි.

රජයේ අනෙකුත් නිලධාරින්ට මෙන් නියමිත වේලාවට වෛද්‍යවරුන්ට රෝහලට පැමි‍ණෙන ලෙසත් වර්ජන අතහැර රෝගින්ට ප්‍රතිකාර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කිරිම සදහා තමන් මෙසේ විරෝධතාවයේ නිරත වන බව ද ඔහු පැවසිය.