ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30 වැනි සැමරුම


(හර්ෂණ තුෂාර සිල්වා)

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) හි 30 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (7) පස්වරුවේ පැවැත්විණි.

මෙම අවස්ථාවේදී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ  ජාලයේ (ලර්න්) හි 30 වැනි සැමරුම වෙනුවෙන් සකස් කරන ලද විශේෂ සංවත්සර ග්‍රන්ථයේ පළමු පිටත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීය. එම අවස්ථාවට ලංකා අධ්‍යාපන හා පර්යේෂණ  ජාලයේ (ලර්න්) හි වත්මන් සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න මහතා එක්විය.

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ  ජාලයේ (ලර්න්) නිර්මාතෘ මහාචාර්ය අභය ඉඳුවර මහතාට මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විශේෂ ඇගයීම් සම්මානයක් ද පිරිනැමිණි. ඊට අමතරව ‘ලර්න්’හි සමාරම්භක සාමාජිකයන් වන ආචාර්ය අජන්ත අතුකෝරාළ සහ මහාචාර්ය ගිහාන් ඩයස් යන මහත්වරුන්ද ඇගයීමට ලක් කෙරුණි.

නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, ශ්‍රී ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)