ලසන්ත වික්‍රමතුංග 12වැනි ගුණ සමරුව අද


 

(ශාන්ත රත්නායක)

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන  ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානතත්වයෙන් බොරැල්ල කනත්තේ දී පැවැත්විණි.

එහිදී  කරු ජයසුරිය මහතා ලසන්ත වික්‍රමතුංග මහතාගේ ස්මාරකයට ඉටි පන්දමක් දල්වා ගෞරව උපහාර දැක්වීය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ  සහෝදරයා වනලාල් වික්‍රමතුංග,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා මහතා ඇතුළු  පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.