ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමයි



(නිශාන්ත කුමාර)

මීට දින කීපයකට පෙර ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබූ මහියංගණ ලොග්ගල්ලා ඔය ජලාශය හිටි හැටියේම ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟම පිරි වාන් දැමීමට පියවර ගෙන ඇත.

ලොග්ගල්ලා ඔය ජලාශයේ සිට ජලාශ හා කෙත්බිම් කරා ජලය රැගෙන යන වියානා ඇල මාර්ගයද පිරී ඉතිරී ගොස් තිබේ.

මහවැලි ගඟේ හා ලොග්ගල්ලා ඔයේ ජලයෙන් පෝෂණය ලබන ලොග්ගල්ලා ඔය ජලාශය මගින් මාපාකඩ, නාගදීප, දියබානාවැව, ආදී ජලාශවලට මෙන්ම ප්‍රදේශයේ කුඹූරු අක්කර දහස් ගණනක් වෙත ද දියවර සැපයෙයි.