ලොව විශාලම නිල් මැණික මෙරටින් හමු වෙයි - වීඩියෝ


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.

" අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වඩා පළලකින් යුත්ත මෙම මැණික මේ වන විට එහි වර්තමාන හිමිකරු වන හොරණ තල්ගහ විල ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇත.

ආසියාවේ රැජින " හෙවත් queen of asia ලෙස නම් කර ඇත.

එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වන බවද එම අධිකාරිය පවසයි.තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේශත්වයක්.

මෙම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයෙකි. වසර 10 ක කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණයකදී ඔහුට මෙම මැණික හමු වී ඇත්තේ බළන්ගොඩ ප්‍රදේශයෙනි.

මේ සම්බන්ධයෙන්  මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු  මෙසේ කීය. 

මෙම මැණික කොරෝන්ඩො පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් තමයි  නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මැණික වෙන කෙනකුට හම්බවුණා නම් කපලා නිල් මැණික් ටික අරගෙන ආභරණ සඳහා විකුනනවා. එලෙස සිදු කිරීම විශාල අපරාධයක් ආභරණ හදන්න ඕන තරම් මැණික් තියනවා. මෙම මැණික් ගලට මේ වන විට ඇමරිකාවෙන් සහ ඩුබායිවලින් ඉල්ලුම් ලැබී තිබෙනවා.

කිසියම් රටකට මෙම මැණික විකුණලා මගේ රටට විදේශීය විනිමය ලබා දීම මගේ එක බලාපොරොත්තුවක්.  

ඒ වාගේම අනාගත පරපුරට දැක බලා ගන්න මේ විශාල මැණික ලෝකෙ කොහේ හෝ රටක කෞතුකාගාරයක තැන්පත් වෙලා තියෙනවා නම් හොඳයි කියා මා හිතනවා.

ඒ නිසා එසේ කෞතුකාගාරයක තැන්පත් කරන රටකට මෙම මැණික විකුණන්න තීරණය කරල තියෙන්නේ.