ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට ගෙනෙයි


ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය අද (20 වැනිදා) ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ලෝක කුසලාන තරගාවලියට පොරතුව ලෝක කුසලානය සෑම රටක් වෙතම ගෙන යාම අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර කිහිපයකට ඉහතදී ආරම්භ කරන ලද සම්ප්‍රදායකි.

ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට ගෙනා අවස්ථාවේදී ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා සහ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පිළිගන්නා ලදි. පාසල් දරුවන්ටද එය දැකගැනීමේ අවස්ථාව උදාකරදී තිබිණ.