ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ


(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ව පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදි සම්මාන පෙළපාලියක් පිරිනැමීය.

නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 115 මෙම කණ්ඩායමට ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, පාබල රෙජිමේන්තුවල යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය යුධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රි ක ඉංජිනේරු බළකාය, පොලිස් හේවා බළකාය, පොදු සේවා බළකාය, කාන්තා බළකාය යන රෙජිමේන්තු යන රෙජිමේන්තු නියෝජනය කරන බව යුද හමුදාව පවසයි.

එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්.එම.ඩී.එන් සමරකෝන් මහතා කටයුතු කරයි.

පළමු වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරුබළකායේ මෙහෙයුම(UNIFIL) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා භටපිරිස් නියෝජනය කිරිම මෙම කණ්ඩායමෙහි වි‍ශේෂත්වය වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරිණියක් සහ සෙබළියන් 07 දෙනකු මෙම කණ්ඩායමට ඇතුලත්වී ඇත

මෙම පෙළපාලිය සහභාගී වු පිරිස කණ්ඩායම කණ්ඩායම් දෙකක් වශයෙන් දිවයිනෙන් නික්ම යාමට සැලසුම් කොට ඇති අතරල ඉන් පළමු කන්ඩායම 2022 පෙබරවාරි මස 05 වන දින හා අනෙක් කණ්ඩායම මාර්තු මස පිටත්ව යාමට නියමිතව ඇත.

ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රිගේ