වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති


( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත )

නවගත්තේගම සිඳී ගිය වැව් ආශ්‍රීතව ජලය සොයා  එන වන සතුන් වෙනුවෙන් කැළැව තුළ ජලය තැබීමේ වැඩසටහනක් ‘ආණමඩුව අපි‘ සංවිධානය හා නවත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එක්ව සංවිධානය කර තිබිණි.

ඔවුහු බැරල්වලට ජලය පුරවා කැළැව තුළ තැබූහ.පුත්තලම දිස්ත්‍රීක්කයට පවතින දරුණු නියඟයත් සමග මේ වන විට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන සතුන් ජලය පරිහරණය කළ වැව් 34 ක් සම්පුර්ණයෙන් සිඳී යාමෙන් සතුන් පීඩාවට පත්ව තිබේ.