වන සතුන්ට බොන්න සිඳුණු වැවට දිය පුරවති


(ජයරත්න වික්‍රමාරච්චි)

පවතින දැඩි නියඟය හේතුවෙන් තබ්බෝව අභයභූමිය හා ඒ අවට රක්ෂිතවල පීඩාවට පත්වී සිටින වන සතුන්ට පානීය ජලය දීමේ වැඩසටහනක් ඉහළපුලියන්කුලම විද්‍යා චක්‍රවර්ති මහ විද්‍යාලය සංවිධානය කර තිබිණි.

සාලියවැව මීගස්වැව රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එම විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ඒ.සී. දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලය සහ එහි 10-13 වසරවල ඉගෙනුම ලබන සිසුන්  මෙම සද් කාර්යය සංවිධානය කර තිබුණි.

ඔවුහු අත් ට්‍රැක්ටර් සහ ලොරියක් යොදාගෙන ප්‍රදේශයේ  මහවැව ජලාශයෙන් ජලය රැගෙන ගිය අතර‍ වන රක්ෂිත මායිම ආසන්නයේ දිය සිඳුණු මීගස්වැව ජලාශයට ගොස් එහි කෘතිමව සකස් කරන ලද කුඩා පොකුණුවලට ජලය පිරවූහ.

මෙම කටයුත්ත සදහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනී රම්‍යා තඹවිට මෙනවිය සහ සිවිල් ආරක්ෂක බලකාය ද එක් වී සිටි අතර ගම්වාසීහූද මේ සඳහා දායක වූහ.