වනාතවිල්ලුව ‘රාල්මඩුව‘ වැවේ වැව් බැම්ම කැඩී ගිහින්


 


වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම කැඩී යාමෙන්  දැවැන්ත ජල කඳක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින්  පවතී.

මෙම සිදු වීම අද (07) සිදු වී ඇති අතර  පවතින අධික වැසි හේතුවෙන්  ගොවීහු දැඩි අසීරුතාවට පත්ව ඇත.


මෙම වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන්විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දවනු ලැබේ. 


වැව මෙතෙක් කිසිදු අවදානමක් නොතිබු වැවක් බවත් , මෙය කිසිවකු හිතා මතා කළ ක්‍රියාවක්ද යන්න පිළිබඳව සැකයක් පවතින බව  ගොවි සංවිධානයේ ලේකම් ප්‍රැන්සිස් පෙරේරා මහතා  පැවසීය. 


මේ පිළිබඳව අදහස් දැක්වු පුත්තලම  දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර අධ්‍යක්ෂ නයනා බුද්ධදාස මහත්මිය 


 “මේ වැව කිසිම අවදානමක් නොතිබු වැවක් . ගොවින් අපිට පැවසුවා 7 උදේ වැවට එද්දි වෑ කන්දේ උදලු යොදා ගෙන කන්ද කපා තිබුණ බව. මේ නිසා අපි පුර්ණ පරික්ෂණයක් සිදු කරනවා . මේ නිසා  ගොවින්ට මහ කන්න කරගන්න දැඩි අවදානමක්  තිබෙනවා යනුවෙන් පැවසීය.‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)