වරාය අධිකාරියට අවුරුදු 38යි


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙදී අද සවස පැවැත්විණි.

 වසර 38 ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් දස දෙනෙකුට ජනාධිපතිවරයා අතින් ඇගයුම් සම්මාන ද  පිරිනැමිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ මෙරට කිසිම් බිම් කොටසක් කිසිදු රටකට හෝ විදේශීය සමාගමකට සින්නක්කරව ලබා නොදෙන බවට තමන් පොරොන්දු වෙන බවයි. පසුගිය රජය එසේ සින්නක්කරව ලබා දීමට තීන්දු කර තිබෙන යම් ව්‍යාපෘතීන් පවා තමන් වහාම නතර කළ බව ද ජනාධිපතිවරයා කීවේය.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ , නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  ඇතුළු මැති ඇමති වරු ද, මෙරට විවිධ රටවල තානාපතිවරු  ද , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහතා දමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා