වරාය බදුදීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ විරෝධතා සත්‍යග්‍රහයක්  කොළඹ පිටකොටුව බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිටදී අද (01) පැවැත්විණි.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත  ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 12 නමක් දහවල දානය ද ප්‍රතික්ෂේප කරමින් අද මෙම සත්‍යග‍්‍රහය සඳහා එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ සඳහා ස්ථීරවම පිළිතුරක් ලබා නොදෙන්නේ නම් වරාය අධිකාරියේ වෘත්තීය සමිති සාමාජිකයන් මෙන්ම සිවිල් සංවිධාන සමග ජාතික භික්ෂු පෙරමුණ ද විරෝධය දැක්වීමට පෙරමුණ ගන්නා බව වකමුල්ලේ උදිත ස්වාමීන්වහන්සේ පැවසූහ.