වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට පෙනුණු හැටි


(ඩයනා උදයංගනී)

වලයාකාර සූර්යග්‍රහණයක් අද  (21) සිදුවූ අතර එය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට ද උදාවිය.

මෙම වලයාකාර සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10.30 පමණ සිට පස්වරු 1.30 පමණ දක්වා දිස්වූ අතර අර්ධ සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාව දිස්වූයේ උදෑසන 11.51 ට පමණය.

මෙම සූර්යග්‍රහණයේ වලාකාර අවස්ථාව මෙන්ම අර්ධ සූර්යග්‍රහණ අවස්ථාව ද කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය, යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්තානය, ඉන්දියාව, චීනය ආදී රටවල්වලටත් දිස්වූ අතර ශ්‍රී ලංකාවට මෙන්ම ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව, සිංගපුරුව, මැලේසියාව හා ඔස්ටේ්‍රලියාව ආදී රටවලට දිස්වූයේ අර්ධ සූර්යග්‍රහණ අවස්ථාව පමණක් බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ