වල් අලි වනයේම තියාගන්න අලිවැට අලුත්වෙයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වල් අලි ගම්වැදිම වැළැක්වීමට පැති තල කම්බි විදුලි අලි වැටට මිටර් දෙකකට ආසන්නයෙන් සවි කරන බව වන ජීවි නිළධාරිහු පවසති. වල් අලි ගම් වදින ස්ථාන ඉලක්ක කරමින් ඒවා සවිකරන බවද ඔවුහු කියති.

මෙම අත්හදා බැලීම සාර්ථක නම් ඉදිරියේදි මෙම ක්‍රමය යොදාගන්නා බව ඔහුවු පවසති.

මේ වන විට පුත්තලම කල්අඩිය විදුලි අලි වැට ආශ්‍රිතව පැති තල කම්බි සවිකර ඇති අතර සිවිල් ආරක්ෂක බළකායද ඊට සහය දෙයි.