වල්පාළුව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
 මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ  සහකාර අධ්‍යක්ෂ ඒ. එම් ආර්.එන්.කේ අලහකොන් මහතා පැවසිය .
 
 මහකුඹුක්කඩවල වල්පාළුව  රක්ෂිතය ආසන්නයේ කුඹුරු යායක පිදුරු කන්දකට කිසියම් පිරිසක් දහවල් ගිනි තැබිමෙන් පසුව එහි ගින්න අවට ඉඩම් වලට පැතිරි යාමෙන් පසුව පුද්ගලික ඉඩම් ගනණාවක කජු ඇතුළු භෝග වගාවන් රැසක් විනාශ වි තිබු බව ආපදා කළමණාකරන එකකය පවසයි.
 
හෙක්ටයාර් 200 කට ආසන්න වල්පාළුව රක්ෂීතයට ගින්න පැමින තිබුනත් රක්ෂීතයේ සේවය කරමින් සිටි කාන්තාවන් පිරිසක් දැඩි ප්‍රයත්නයක් දරා නිවා තිබුණි.
 
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා සහ වන සංරක්ෂණ නිළධාරින් ආපදා කලමණාකරණ එකකට දැන්විමේන් පසුව යුද හා  නාවික නාවික හමුදාවන් කැදවා ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට හැකිවු බව කියයි.
 
 පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත 16 වන ගජබා  රෙජිමේන්තු අණදෙන නිළධාරි මේජර් සුජීව රාජමන්ත්‍රි මහතා ඇතුළු නිළධාරින් 30 කට ආසන්න පිරිසක් සමග පුත්තලම තම්බපණ්නී නාවුක කදවුරේ කපිතාන් කුසල් දිසානායක මහතාගේ මෙහෙය විමේන් නාවුක කණ්ඩායමක් ජල බවුසර් සමග ගින්න පැතිරි ගිය ප්‍රදේශයට පැමින තිබුණි
.
 කෙසේ වෙතත් ගින්නේන් කුරුල්ලන් හා මොනර බිත්තර තැනින් තැන පිළිස්සි තිබෙන ආකාරය ඇක ගත හැකි විණි . ඇතැම් වන සතුන් ගින්නත් සමග වෙනත් කැළැබද ස්ථානයකට යන්නට ඇති බව සැක පළ කරයි.