වසර 22 කට පසු නව අං කටුසු විශේෂයක් සොයා ගනී


 

(නයනජිව බණ්ඩාර)

වසර 22 කට පසු ශ්‍රි ලංකාවට ආවේණික නව අංකටුසු විශේෂයක් සොයාගැනීමට මෙරට ප්‍රකට ගවේශකයකු වන ජිව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න මහතා ප්‍රම්‍රඛ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

මෙම නව සොයාගැනිමත් සමඟ ලංකාවට ආවේණික අංකටුසු විශේෂ ගණන 6 දක්වා ඉහළ යන බව ඔවුහු කියති.

මෙරටට ආවේණික කටුසු ඝනයක් වන Ceratophora හි විශේෂ 05ක් මීට පෙර හදුනාගෙන තිබුණ අතර මෙම නව විශේෂය Ceratophora Ukuwelai  හෙවත් උකුවෙලගේ රලු අං කටුස්සා ලෙස  නම්කර තිබේ.

පර්යේෂකයන් කණ්ඩායම මෙම නව අංකටුසු විශේෂය එනමින් හැදින්විමට තිරණය කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පරිනාමික ජිව විද්‍යාඥ හා උරග හා උභයජිවි විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටුකර ඇති සුවිශේෂි මෙහෙය සළකා බැලීමෙන් පසුවය.

මෙම නව විශේෂය සොයාගෙන ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනාන්කරයෙනි.

මෙම නව සොයාගැනිම සදහා සමිර සුරංජන් කරැණාරත්න මහතා නිකොලායි පොයාර්කොවි,චාමර අමරසිංහ,තිළිණ සූරසිංහ,ඇන්ඩ්‍රි භ්‍රෙශවි,මජින්ත මඩවල,විලාඩි ගොරින් හා ඇනස්ගමි ද සිල්වා යන දෙස් විදෙස් පර්යේෂකයන් එක්ව සිටියහ.