වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති


 

(රංජිත් රාජපක්ෂ)

 

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සංචාරක නිකේතන හිමියෝ පැවසූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම දේශීය සංචාරකයන් පැමිණි බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් පිළිපදිමින් තම නිවාඩුව ගත කරන ලෙස සංචාරකයන් දැනුවත් කළ බව සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ ය.

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවධානමත් සමඟ වසරකට ආසන්න කාලයක් නුවරඑළිය ප්‍රදේශයට සංචාරකයන් පැමිණිමෙන් වැළකී සිටිමෙන් නුවරඑළිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස ආර්ථික වශයෙන් ද ගැටළු රැසකට මැදි වී සිටියි.

සති අන්ත නිවාඩුවට පැමිණි දේශිය සංචාරකයන් වෙනුවෙන් අවශ්‍යය පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සලසා තිබූ අතර, නුවරඑළිය නගර සීමාවේ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සියළුම සංචාරක නිකේතන සහ හෝටල් සංචාරකයන්ගෙන් පිරි ගොස් තිබිණි.