වස්ගමුව ජාතික උද්‍යානය හෙට විවෘත කෙරේ


 

(කාංචන කුමාර ආරියදාස)
 
මාස තුනක පමණ කාලයක් වසා දමා තිබු වස්ගමුව ජාතික උද්‍යානය හෙට (22) සිට නැවත සංචාරකයින්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය උද්‍යාන භාරකරු ආර් .එම් සී. බණ්ඩාරනායක මහතා පැවසීය.
 
සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් පරිදි නීති රාමුවක් යටතේ වස්ගමුව ජාතික උද්‍යානය හෙට සිට වන සතුන් නැරඹීම සඳහා අවස්ථාව ලැබෙන බවත් ඒ සඳහා පනවා ඇති නිරෝධායන නීති රීති උල්ලංඝණය නොකොට  උද්‍යානය තුළ වනසතුන් නැරඹීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
 
 මාස තුනක පමණ කාලයක සිට උද්‍යානය වසා දමා තිබීම හේතුවෙන් එහි සිටි වන සතුන් පිළිබඳව වනජීවී නිලධාරීන් ඊයේ (20) සොයා බැලූ බව ආර් .එම් සි . බණ්ඩාරනායක මහතා පැවසීය.
 
වන අලින් , විවිධ පක්ෂීන් උර ගාන සතුන්, ගෝනා ,මුවා ,කුළු මීමා ,වලහා ,දිවියා ආදී සතුන් රැසක් මෙහිදී නැරඹීමට හැකියාව පවතින බව  බණ්ඩාරනායක මහතා සඳහන් කළේය. 

උද්‍යානයේ මේ වන විට වියළි තත්වයක් පවතින බවත් ඇතුළත ඇති කුඩා වැව් වල දිය පානය කිරීම සඳහා සතුන් විශාල වශයෙන් ඇදෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මෙම උද්‍යානය සංචාරකයන් වෙත විවෘත වීමෙන් පසු  ප්‍රදේශයේ  සංචාරක හෝටල් සහ ලැගුම්හල් පවා විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් වන සතුන් නැරඹීම සඳහා යොදවා ඇති සෆාරි ජිප් රථ සඳහා ද විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ මහතා පැවසීය.