වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි අනුරාධපුරයේ උද්ඝෝෂණ


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාර කරැවන් පිරිසක් අද(17)  අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවිය.


අනුරාධපුර මහජන පොල ඉදිරිපිට අංක 02 ප්‍රජා ශාලාවට එක්රැස් වුන උද්ඝෝෂකයන් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල  දක්වා පැමින වහාම මැතිවරණයක් පවත්වන ලෙසට උද්ඝෝෂණයේ නිරතවිය.


මෙහිදි උද්ඝෝෂකයන් විසින් කතානායක කරැ ජයසුරිය මහතාගේ අනුරැවකට ගිණි තබා කතානායකවරයාට සිය විරෝධය පලකර සිටියේය.මෙහිදි උද්ඝෝෂකයන් අමතමින් අදහස් දැක්වු උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරරෙයකු වන එච්.බි.සේමසිංහ මහතා සදහන් කලේ පාර්ලිමේන්තුවේ පවතින වත්මන් අර්බුදය මැඩ පැවැත්විම සදහා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු බවය.


මෙම අවස්ථාවට අනුරාධපුර මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ප්‍රේමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු පොහොට්ටුවේ ආධාර කරුවෝ රැසක් එක්ව සිටියහ.