ව්‍යාපාරිකයන් මුදාගැනීමේ මෙහෙයුම් අභ්‍යාසය


(කාංචන කුමාර ආරියදාස)
 
ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ  වි්දේශීය ව්‍යාපාරිකයන් තිදෙනකු සතුරන් අතරට පත්ව ඉන්  මෙම   තිදෙනා මුදවා ගන්නා පුහුණුවීම් මෙහෙයුම අද 12 දින අලුයම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සහ එම දූපත්වල දී පැවැත්විණි.
 

යුද ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම විදේශීය යුද හමුදාව ද එක්ව මෙම  අභ්‍යාසය සිදු කරනු ලැබූහ.
 
ඉබ්බන්කටුව ජලාශය මැද ඇති දූපතක සතුරන්  විසින් සිරකරගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනා මුදවාගැනීම සඳහා යුද හමුදාව  නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සහයෝගය ලබාගෙන දැඩි පරිශ්‍රමයක් දරමින් මෙහෙයුම දියත් කළහ .
 
ගුවන් මගින්, බෝට්ටු මගින්, කිමිදුම්කරුවන් මගින් සහ පා ගමනින් පැමිණෙන යුද හමුදාවෝ  දූපතේ රැඳී සිටින ‍ත්‍රස්තවාදීන්ගේ  ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය වෙඩි තබා ඝාතනය කර දුපත අත්පත් කරගෙන  එහි සගවා සිටි තිදෙනා  නිරුපද්‍රිතව බේරාගෙන  බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිම වෙත ගෙන්වාගත්හ. ඉ

ඉන්පසු ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ගුවන් යානයක ආධාරයෙන්  ඔවුන් පිටකර යැවීමට පියවර ගත්හ. අලුයම 2ට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුම පැය පහකින් ඉතා සාර්ථකව අවසන් විය.