වාගොල්ලාකඩ ළිං සිඳි යයි


(දයාරත්න ඇඹෝගම)

හොරොව්පොතාන වාගොල්ලාකඩ ගම්මානයේ පවුල් 202ක් පානිය ජලය නොමැති වීමෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇත.
 
පසුගිය වසර දෙක තුළ වර්ෂාව නොමැතිවීම නිසා වැව් හා ළිං සිදිගොස් ඇත.ජලය ලබාගැනිම සදහා වාගොල්ලාකඩ සිට දුටුවැව ප්‍රදේශයට කිලෝමිටර් පහක් පමණ යාමට සිදුව ඇති බවත් ගම්වැසියෝ පවසති.
 
මිය වසර දෙකකට පෙර මෙම ගම්මානයේ ජල පිරිපහදුවක් ඉදි කර මුදලට ජලය ලබා දීමට හොරොපොතාන ප්‍රාදේශිය සභාව කටයුතු කළ අතර එහි කිසිදු නඩත්තුවක් නොමැති කමින් එම ජල පිරිපහදු ඒකකය අක්‍රීය වී ඇත.

මේ ගැන ප්‍රාදේශිය සභාවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් දැනුවත් කළද මේ වන තෙක් එම ගැටලුවට නිසි විසඳුමක් නොදුන් බව ප්‍රදේශවාසීහු පවසති.

වකුගඩු රෝගීන් විශාල වශයෙන් ජිවත් වන මෙම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තම ජල අවශ්‍යතාව විසඳා දෙන ලෙසයි.

හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් එම්.මුබාරන් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ එම ඒකකය අලුත්වැඩියා කිරීමට ජල සම්පාදන මණ්ඩලයට දන්වා ඇති බවයි.

ගම්වාසින් තම ජල අවශ්‍යතාවයන් ග්‍රාම නිලධාරිවරයා මගින් දැන්වු විට ප්‍රාදේශීය සභාව හරහා එම ගම්මානවලට ජලය සැපයිමට කටයුතු කරන බවද ඒ මහතා පැවසිය.

ජල බවුසරයක් හෙට (20) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබිමට නියමිත බවත් එමගින් ජලය නොමැති ප්‍රදේශවලට ජලය විධිමත් ආකාරයට සැපයිමට පහසුවනු ඇති බවත් ඒ මහතා පැවසිය.


ළිංවල ජලය නොමැතිකම හේතුවෙන් ගම්මුන් තම ළිං ගැඹුරු කරන ආකාරය අප කැමරා කාචයේ සටහන් විය.