වාන් දොරටුව ඇරී ලක්ෂපාන ඇල්ල මනාලි සිරිගනී


(රංජිත් රාජපක්ෂ)
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන තද සුළං සහ අධික වැසි තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකෙන් එක් දොරටුවක් අද(11) පස්වරුවේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
 
ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පැවැසූහ.
 
කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවද එම විදුලි බලාගාර ඉංජිනේරුවරු කීහ.