වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී


(පුත්තලම - ජුඩ් සමන්ත)


මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්‍රයෙන් මුහුදට බිලිවෙමින් පවතී.


මීටර් 600ක පමණ වූ මුහුදු තීරයෙන් මීටර් 150ක ප්‍රමණ ප්‍රමාණයක් මුහුදට බිලි වී ඇති බව ගම්වාසීහු සඳහන් කරති. ඒ සමගම මුහුදට සමාන්තරව තිබූ අතුරු මාර්ගයක්ද ක්‍රමයෙන් මුහුදට බිලි වන්නට පටන් ගෙන ඇත.


මෙම අවදානම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාස කීපයක සිට දැනුවත් කළත් එය නිෂ්ඵල වූ බවත්, මෑතකදී ඔවුන් මුහුදු ඛාදනය වැළැක්වීම සදහා ගල් වැටි යෙදීම ආරම්භ කළත් මේ වාරකන් සමය බැවින් එම ප්‍රයත්නය අසාර්ථක වීමට ඉඩ ඇති බවද ප්‍රදේශවාසී ධීවර ජනතාව කියා සිටිති.


මෙම තත්වය නිසා ප්‍රදේශයට ඇති එකම ක්‍රීඩංගනය සහ මුහුදට සමාන්තරව ඇති අතුරු මාර්ගයද අහිමි වීමේ අවදානමක් ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.