වාරියපොළ මාර්ග වැසි ජලයෙන් යට වෙයි


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති අධික වැසි සහිත තත්වය හේතුවෙන් මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතු අඩාල වී ඇතැයි පොලිසිය කියයි.

වරියපොල සිට කලුගමුව දක්වා මාර්ගය ගොන්නු ඇල පිටාර ගැලීමෙන් ගොන්නව ප්‍රදේශයෙන් යටවී තිබීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් කරන පිරිස් මෙම මාර්ගයේ බහුලව ගමන් කරන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස වාරියපොල පොලිසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටී.

මහකෙළිය නගරයේ සිට කටුපොත දක්වා මාර්ගයද මලඇල පිටාර ගැලීම හේතුවෙන් අක්කර 45 ප්‍රදේශයෙන් යටවී ඇති බව කටුපොත පොලිසිය කියයි.