වාස භූමි අහිමි වල් අලි ගම්වදිති


(ගල්ගමුව නිහාල් ජයවීර )

ගල්ගමුව ,පාළුකඩවල ප්‍රදේශයේ රාත්‍රි කාලයේ සැරිසරමින් සිටි වල් අලි රංචුවක් අද (23) උදේ හයයි හතළිස් පහට පමණ පාදෙණිය- අනුරාධපුර මාර්ගය හරහා අඹන්පොළ ,තේක්කවත්ත රක්ෂිතයට ගමන් කරන අප කැමරාවේ සටහන් වූයේ මේසේය. .

අලි ඇතුන් 175ක් පමණ මේ රංචුවේ සිටින බවත් කාණ්ඩ තුනකට කැඩි ඒ රංචුව මාර්ගය මාරු වු බව ප්‍රදේශවාසිහු කියති .

පාළුකඩවල වැව් ඉස්මත්තේ වු වනාන්තරයේ මේ දිනවල සිදුවන එළිපෙහෙළි කිරීම් නිසා එහි රැදී සිටිමට නොහැකි වීමෙන් මේ අලි රංචුව අවදානම නොතකා මෙසේ ප්‍රධාන මාර්ගය හරහා පාර මාරුවෙන බව ප්‍රදේශවාසිහු කීහ .