වැඩ වර්ජනයෙන් පාළුවට ගිය මධ්‍යම තැපැල් හුවමාරුව


(චතුර එස්. කොඩිකාර)

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය ආරම්භ කළ දින දෙකක සංකේත  වැඩ වර්ජනය අද (17) ක්‍රියාත්මක වෙමින් පවතී.

තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම්  කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ. 

මේ හේතුවෙන් තැපැල් හුවමාරුව කාර්යය මණ්ඩලය නොමැතිකමින් පාළුවට ගොස් තිබූ අයුරු පහත ඡායාරූපවල දැක්වේ.