වැල්ලවත්ත-බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවයක් ඇරැඹීමට යයි


(  ගයාන් අමරසේකර )

පවතින රථ වාහන තදබදයට  විසඳුමක් ලෙස වැල්ලවත්ත  සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා  අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා  රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේදී අද  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

මාර්තු  මස 11 වැනි දා උදෑසන 8.00 මෙම  බෝට්ටු සේවාව ආරම්භ කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථා සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම් ඩබ්ලිව් ඩී සොයිසා මහතා ඒ පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු   පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිස එම ඇළ මාර්ග  ඔස්සේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

බත්තරමුල්ල දියත උද්‍යානය අසලින් ගමන් ආරම්භ කර වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසළ බෝට්ටු  නැවතුම් අංගනයට විනාඩි 20 ක කාලයකින් ගමන් කිරිමට හැකිය.