වැලිකඩ බන්ධනාගාරට කායවර්ධන මධ්‍යස්ථානයක්


වැලිකඩ  බන්ධනාගාරයේ  කායවර්ධන  මධ්‍යස්ථානය  විවෘත කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී  අද  (03) සිදුකෙරිණි.

‘පවර්වර්ලඩි‘  කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ  අධිපති   තලව්  අලි  ලීමා මහතාගේ අනුග්‍රහය මත මෙම කායවර්ධන මධ්‍යස්ථානය  සඳහා   උපකරණ පිරිනමා  ඇති අතර   බන්ධනාගාර  කොමසාරිස්  ජනරාල්  නිශාන් ධනසිංහ,ජ්‍යෙෂ්ඨ  බන්ධනාගාර   අධිකාරී  එම්.එෆ්. ලාහීර්, ප්‍රධාන  ඡේලර් මොහාන්  කරුණාරත්න ,පවර්වර්ලඩි කායවර්ධන මධ්‍යස්ථාන ජාලයේ අධිපති තලවි අලි ලීමා , ජාත්‍යන්තර  හාවස්ටි ආයතනයේ   සභාපති  දේවගැති රොඩිනි  පෙරේරා   යන   මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.  

මෙහිදී  තලවි අලි ලීමා , රොඩ්නි  පෙරේරා  මහත්වරු  වෙත  තිලිණ පිරීනැමීමක්ද  සිදුකෙරිණි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර