වැලිකඩ බන්ධනාගාරයේදී මියගිය සිරකරුවන් වෙනුවෙන් පහන් දැල්වෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සිරකරුවන්ගේ අයතීන් සුරැකීමේ කමිටුව සංවිධානය කළ විශේෂ පහන් දැල්වීමේ අවස්ථාවක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අද (10) සවස පැවැත්විණ.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිදු වී අදට වසර 7 ක් ගතවීම නිසාත් ඒ හේතුවෙන් මියගිය සිරකරුවන් 27 දෙනා සිහිකරමින් ඔවුනට වහාම යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටීමේ අරමුණින් ඔවුහු මෙසේ පහන් දැල්වූහ.

‘යුක්තියේ පහන්සිළු’ ලෙස මෙය නම් කර තිබූ අතර මේ අවස්ථාවට සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.