වැලිකන්දට තර්ජනයක් වු වන අලියා අල්ලයි



පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ  රැසක් විනාශ කරමින්  ගම්මානය පුරා සැරිසැරූ  වන අලියා අල්ලා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.

වැලිකන්ද අසේලපුරදී ඊයේ රාත්‍රී 10.00 ට පමණ  මෙම වන අලියා අල්ලා ගත් බව  වනජීවී නිලධාරීහු පවසති.

වයස අවුරුදු 35 ක් පමණ වන  මෙම වන අලියා අද (15)  අනුරාධපුර හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට  රැගෙන යාමට නියමිත බව  අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟු ආරච්චි මහතා සඳහන් කළේය.

( නිමල් ජයරත්න)