වැස්ස වැටී වැව් සතුටින්


රොවන් පෙරේරා 
 

පැවති අධික නියඟය සහිත කාලගුණය පහව යමින් වැසි ඇදහැලීමට පටන් ගැනීමත් සමඟ තබ්බෝව ජලාශය ඇතුළු මහා වාරිමාර්ග සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් වලට ජලය ඒකරාශී වෙමින් පවතී.


පසුගිය මාස හතරකට පෙර පැවති අධික වැසි සමඟ තබ්බෝව ජලාශය ඇතුළු කුඩා වැව් පිටාර දැමූව ද මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ පැවති නියං තත්වය හේතුවෙන් වැව්වල ජල මට්ටම  පහත වැටුණු අතර ඇතැම් වැව් වියළී යාමට ලක්විය.


තබ්බෝව ජලාශයේ අක්කර අඩි 15400 ජල ධාරිතාවක් රැඳවුවද පසුගිය (5) වන දින වනවිට ජලධාරිතාව අක්කර අඩි 2350 වඩා පහත වැටී තිබුණ ද  දින තුනක කෙටි කාලයක් තුළ වරින් වර ඇද හැලුණු වැසි සමඟ වැවෙහි ජලමට්ටම අක්කර අඩි 5000 ඉක්මවා තිබේ.


අඩි 12 අඟලක් දක්වා ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවත් නාන්නේරී ඔයෙන් සහා රදවි බැඳි ඇල ඔස්සේ වේගයෙන් වැවට ජලය ගලා එමින් පවතින බවත් පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.