වැස්සට මතුවන භයානක දියඇලි


(පාලිත ආරියවංශ)

මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට  හිටිහැටියේ  කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.

මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.

අවදානම් තත්වය  සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය  පදවන ලෙසට  හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.