වැස්සාම යටවෙන පාලවිය සිංහල මහා විද්‍යාලය


 


 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මහ වැසිත් සමග ගලා එන ජල කද පාසල් භුමියෙන් පිටතට යාමට නිසි ක්‍රම වේදයන් නොමැති කමින් පුත්තලම පාලවිය සිංහල මහා

විද්‍යාලයේ දරුවන්ට මේ වන විට තම ක්‍රීඩා කටයුතු සේම පාසල තුළ රැදි සිටිමටද නොහැකි වි තිබේ.

දරුවන් 850  කට ආසන්න සංඛ්‍යාවක් අකුරු කරන පාලවිය සිංහල මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙයි.

මෙම පාසලේ දරුවන්ගේ මව් පියන් දැඩි ආර්ථික අපහසුතා රැසක් මැද තම දරුවන් පාසලට එවිම සිදුවන්නේ නිසි අධ්‍යාපනය ලබා දිමේ අරමුණින් උවද මේ වන විට එම වාතාවර්ණය පාසල තුළ නොමැති බව දෙමාපියන් පවසයි.

සෑම මහ වැස්සකින් පසුවම පාසල් භුමිය සම්පුර්ණයෙන් ජලයෙන් පිරි යන බවත් එය බැස යාම නිසි ලෙස සිදු නොවිම හේතුවෙන් මැසි මදුරු කරදරයද බරපතල වි ඇති බව කියයි.

සිසු දරුවන්ගේ මව් පියන් පවසන්නේ මේ වන විට පාසල් භුමිය තුළ වැසි ජලය පිරි තිබිම නිසා කැසිකිලි වැසකිලි පවා උතුරා යමින් ඇති බවයි .

ඒ සමගම වැසි ජලය පාසල් භුමිය පුරා සති ගනනක් රැදි තිබිම නිසා පාසල් භුමියේ සෙවනට ඇති ගස් පවා මුල් බුරුල් වි වැ‍ටි ඇති බවයි.

පාසලේ දරුවන් පවසන්නේ වැසි දිනවල පාසල් භුමියේ පිරි යන ජලය හේතුවෙන් පාසල් භුමිය තුළ ගමන් කිරිම පවා නොහැකි ලෙස සෑම තැනකම මඩ ගොහොරුක් බවට පත්වන බවයි .

දරුවන්ට අධ්‍යාපනය සේම ක්‍රීඩාවද අවශ්‍ය උවද පාලවිය විද්‍යාලයේ දරුවන්ට මේ  වන විට ක්‍රීඩාව සම්පුර්ණයෙන් අහිමි කර ඇත්තේ වගකිව යුතු බළධාරින් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම නිසා බව දෙමාපියන් පවසයි.

පාසලේ දරුවන් සේම දෙමාපියන් බළධාරින්ගේ ඉල්ලා සිටින්නේ පාසල් භුමිය දරුවන්ට නිදහසේ අවහිරයකින් තොරව රැදි සිටිමේ වටපිටාව නිර්මාණය කරදෙන ලෙසය.

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු .පී.එස් .කේ .වි‍ජේසිංහ මහතාගෙන් මෙම දරුවන් පත්ව ඇති අසිරුතාවය පිළිබදව කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“ ඇත්තටම කාලයක සිටයි මේ තත්වය බලපා තිබේන්නේ අපි මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම් වලදි දන්වා තිබේනවා අදාල කටයුතු කර දෙන ලෙසට .

නමුත් තවම මේ පිළිබදව නිසි පිළිතුරක් ලැබි නැහැ .ඒ නිසා අපිත් බරපතල ගැටළුවකට මුහුණ දි තිබෙනවා .

ඇත්තටම මේ දරුවන් වැසි කාලවලදී ලොකු ගැටළුවක මුහුණ පාන එක ඇත්ත තත්වයක් . අපි පුළුවන් තරම් ඉක්මනට මේ සදහා අදාල පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා යැයි ඔහු පවසයි.